
දුම්රිය මගීන් මවිතයට පත්කරමින් අශ්වයෙකු දුම්රිය ස්ථානයක වේදිකාවකට පැමිණි පුවතක් සිඩ්නි දුම්රිය ස්ථානයෙන් වාර්තා වනවා.
මෙම අශ්වයා තුරඟ තරඟ සදහා සහභාගී වන අශ්වයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර අශ්වයා පඩිපෙල් නැග දුම්රිය වේදිකාව මතට පැමිණීම ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවයි පැවසෙන්නේ.
අශ්වයා දුම්රිය වේදිකාව මත ඇවිදින ආකාරය දැක්වෙන CCTV දර්ශන ඇතුලත් විඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

පැය භාගයක් පමණ කාලයක් දුම්රිය වේදිකාවේ ගමන් කිරීමෙන් පසු අශ්වයාගේ හිමිකරු වන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ අශ්ව රේසිං පුහුණුකරුවෙක් වන ඇනබෙල් නීෂාම් වෙත භාරදීමට කටයුතු කළ බව සඳහන්.
අශ්වයා වේදිකාවේ රැඳී සිටින අවස්ථාවේදී දුම්රිය රියදුරන් අශ්වයා සිටි ස්ථානයේ දුම්රිය දොරවල් විවෘත නොකිරීමට ද පියවර ගෙන තිබුණා.

සිඩ්නි දුම්රිය ස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී මැට් ලෝන්ග්ලන්ඩ් පැවසුවේ අශ්වයාට රේල් පීල්ලට හෝ දුම්රියට ඇතුල්වීමට අවස්ථාවක් හිමි නොවීමෙන් සත්වයාගේ ජිවිතයට අනතුරක් සිදු නොවූ බවයි.