
එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔලිම්පික් තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග මුදල් පිරිනමන පළමු ක්‍රීඩා සම්මේලනය බවටයි ලෝක මලල ක්‍රීඩා සම්මේලනය පත්වන්නේ.
ප්‍රංශයේ පැරිස් නගරයේදී පැවැත්වීමට නියමිත 2024 ඔලිම්පික් තරගාවලියේ සිට එම සැලසුම ක්‍රියාත්මක වන අතර ඒ අනුව රන් පදක්කම් ලාභියෙකුට අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් හිමිවනු ඇති.

මේ අනුව මෙවර පැරිස් ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය ඉසව් 48 ජයග්‍රාහකයින් අතර පවුම් 39,000ක පමණ මුදලක් ලබා දීමට නියමිතයි.
ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ පැවසුවේ රන් පදක්කම්ලාභීන් සඳහා ත්‍යාග මුදල් හඳුන්වාදීම සමස්ත මලල ක්‍රීඩාවේ තීරණාත්මක අවස්ථාවක් වන බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීම සඳහා සම්මේලනයේ කැපවීම සහ ඔවුන් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය හඳුනා ගැනීම මෙමගින් පෙන්නුම් කෙරෙන බව ඔහු සඳහන් කළා.
රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ට ද 2028 වසරේ පැවැත්වෙන ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මුදල් ත්‍යාග ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.