බිලියනපතියන් අතර සිටි කාන්තාවකට මරණ දඬුවම

ඩොලර් බිලියන 44ක වංචාවක් සම්බන්ධයෙන් වරදකාරිය වූ වියට්නාම ප්‍රකෝටිපතියෙකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

මෙය වියට්නාමයේ මෙතෙක් පැවති ආකර්ශනීය නඩු විභාගයක් වූ අතර එය ලොව මෙතෙක් සිදු වූ විශාලතම බැංකු වංචාවක් ලෙසටයි සැලකෙන්නේ.

දේපල අලෙවි ක්ෂේත්‍රයේ නිරත 67 හැවිරිදි වියට්නාම කාන්තාවට මෙලෙස මරණ දණ්ඩනය නියම කරන ලද්දේ වසර 11ක කාලයක් තුළ එරට සිදු වූ විශාලතම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් වැරදිකාරිය වීම හේතුවෙන්.

මෙම අධිකරණ නියෝගය ද ඉතා දුර්ලභ තීන්දුවක් ලෙසට සැලකෙන අතර ඇය වියට්නාමයේ සුදු කරපටි අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනයට නියම වූ ඉතා සුළු සංඛ්‍යාවක් වූ කාන්තාවන්ගෙන් කෙනෙක් බවට ද පත් වනවා.

විත්තිකාරිය සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් ඩොලර් බිලියන 44ක් වංචා කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ අතර නඩු තීන්දුවට අනුව ඇය ඩොලර් බිලියන 27ක් ආපසු ලබා දිය යුතු වනවා.

මෙම නඩුව පිළිබඳව සාක්ෂි දීමට 2700 දෙනෙකු කැඳවා තිබූ අතර රජයේ නීතීඥයින් 10 දෙනෙකු ඇතුලු නීතීඥයින් 200කට වැඩි පිරිසක් ඊට සම්බන්ධ වී තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »