“රංග” සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

බටහිර ඔස්ට්‍රේලියාවේ බස් රථයක දමා ගොස් ඇති මිනී අලු සහිත පෙට්ටියක හිමිකරු සෙවීමට පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටිනවා.

මීනි අලු සහිත කුඩා පෙට්ටියක් පසුගිය පෙබරවාරි 24 වැනිදා රොකින්හැම් නගරයේ බස් රථයක දමා ගොස් තිබියදී හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම පෙට්ටිය රබර් පටියකින් ගැට ගසා ඇති අතර එහි පියන මත දිනයක් සහ “රංග” යන නම සටහන් කර තිබෙනවා.

එම පෙට්ටියෙහි සටහන් කර ඇති එම දිනවලින් පෙන්නුම් කරන්නේ මිනී අලුවල හිමිකරු වයස අවුරුදු 46 දී එනම් 2023 අප්‍රේල් මාසයේදී මිය යන්නට ඇති බවයි.

පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ බස් රථ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මෙම පාර්සලය පෙබරවාරි 24 සෙනසුරාදා රොකින්හැම් පොලිස් ස්ථානයට භාරදී ඇති බවයි.

549 මාර්ග අංකයේ රොකින්හැම් සහ ෆ්‍රීමන්ටල් අතර ධාවනය වූ බස් රථයක එය තිබී ඇති අතර එහි හිමිකරු එම බස් රථයේම සිටින්නට ඇතැයි පොලිසිය විශ්වාස කරනවා.

අස්ථානගත වූ එම කන්ටේනරයේ හිමිකරුට එය නැවත ලබා ගැනීම සඳහා රොකින්හැම් පොලිස් ස්ථානයට පැමිණෙන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »