Search

ජීවන වියදම් අර්බුද මැද මුදල් ඉතිරි කරන්න ක්‍රමයක්

ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ ඔස්ට්‍රේලියානුවන්ට මාසයකට ඩොලර් සියගණනක් ඉතිරි කරන සරල ක්‍රමයක් පිළිබඳ ආර්ථික විශේෂඥයින් නව අදහස් ඉදිරිපත් කර තිබෙනවා.

බොහෝ විට ඔස්ට්‍රේලියානුවන් තම අත්‍යවශ්‍ය වියදම් කපා හරිමින් ජීවන අරගලයේ නිරත වන අතර ඒ සඳහා යම් කළමණාකරණයක් ඉදිරිපත් කිරීමටයි ආර්ථික විශේෂඥයින් පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 49ක් පමණ විනෝදාස්වාද වියදම් කපා හරින බවත් සියයට 46ක් පෙට්‍රල් ඉතිරි කර ගැනීම සඳහා වාහන ගමනාගමන අඩු කරන බවත් තවත් සියයට 45ක් සහ 43ක් කියා සිටියේ ඔවුන් නිවාඩු සහ ආහාර සඳහා වියදම් කිරීම මගහරිමින් සිටින බවයි.

ඔස්ට්‍රේලියානුවන් ජීවන වියදම් කළමනාකරණය කිරීමට සහ අයවැය පාලනය කර ගැනීමට උපකාර කිරීම සඳහා වියදම් පුරුදු පවත්වාගෙන යා යුතු බව ඔස්ට්‍රේලියානු NBA පුද්ගලික බැංකු සමූහයේ විධායක රේචල් ස්ලේඩ් ප්‍රකාශ කළා.

සෑම ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් හතර දෙනෙකු ඉතුරුම් තැම්පතුවක් පවත්වාගෙන නොයන බව ද හෙළිවී තිබෙනවා.

සැමවිටම ගෘහාශ්‍රිත ආදායම නිසි කාල රාමුවක් යටතේ වෙන් කර වියදම් කිරීමෙන් අනිවාර්ය තැන්පතු සඳහා ඔස්ට්‍රේලියානුවන් අතර පෙළඹවීමක් ඇතිවන බවයි රේචල් ස්ලේඩ් සදහන් කළේ.

එහිදි මාසිකව වැඩිම මුදලක් වැය වන අංශ හඳුනා ගත හැකි අතර මාසික අයවැය ඉලක්ක සපුරා ගැනීමට එමගින් හැකියාව ලැබෙනු ඇති.

මෙලෙස ඉතිරි කිරීමට පෙළඹීමෙන් මාසයකට අවම වශයෙන් ඩොලර් 320ක් හෝ වසරකට ඩොලර් 3800ක් ඉතිරි කර ගත හැකි බව සඳහන්.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »