
වික්ටෝරියා ප්රාන්ත වැසියන්ට ප්රාන්තය පුරා සියලු පහසුකම් සහිත රජයේ රෝහල් විවෘත කිරීම සම්බන්ධයෙන් නව බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා.
2018 වසරේ ලබා දුන් මැතිවරණ පොරොන්දුවකට අනුව ප්රාන්තය පුරා රජයේ රෝහල් ආරම්භ කරන බව පැවසුව ද මෙතෙක් ඉන් කිසිවක් විවෘත වී තිබුණේ නැහැ.
මේ වන විට ප්රාන්තය පුරා රෝහල් 5ක වැඩ කටයුතු අවසන්ව තිබුණ ද එම රෝහල් විවෘත කිරීමට කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් ප්රාන්ත රෝහල් 10ක් ඉදි කරන බවට වික්ටෝරියා ප්රාන්ත බලධාරීන් පොරොන්දු වී තිබෙනවා.
දැනට වැඩ අවසන් කර ඇති රෝහල් 5 ද කඩිනමින් විවෘත කරන අතර දැනට ප්රාන්තයේ වු ප්රධාන රෝහල්වල පීඩනය ඉවත් කිරීමට සහ ජනතාවට පහසු පරිදි රෝහල් වෙත ප්රවේශ වීමට එමගින් හැකියාව ලැබෙනු ඇති.

මෙල්බන් සහ තදාසරණ ප්රදේශවල රෝහල් 5ක් ද පිලිප් අයිලන්ඩ් හි ද නව රජයේ රෝහලක් විවෘත කිරීමට නියමිතයි.
2028 වසර වන විට වික්ටෝරියා ප්රාන්තයේ යෝජිත සියලුම රෝහල් ජනතා අයිතියට පත්කරන කරන අතර ඉදිරි මාස කිහිපය තුළ අංග සම්පූර්ණ රෝහල් 3ක් වික්ටෝරියානුවන්ට විවෘත වන බව ද සඳහන්.