ඔස්ට්‍රේලියානුවන් තම සහකරුවන්ට සඟවන රහසක්

සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් මුල්‍ය රහස් තම සහකරු හෝ සහකාරියට නොකියන බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් විසින් සිදු කළ අධ්‍යනයකට අනුව ඊට ප්‍රතිචාර දැක්වුවන්ගෙන් සියයට 21 ප්‍රකාශ කර ඇත්තේ තම මුල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් සහකරු හෝ සහකාරිය දැනුවත් නොකරන බවයි.

පුද්ගලයින් 1096 දෙනෙක් උපයෝගී කර ගනිමින් සමීක්ෂණය සිදු කර ඇති අතර ඔවුන් මුදල් පිළිබඳ තොරතුරු හිතාමතාම තම සහකරුට හෝ සහකාරියගෙන් සැඟවීම උත්සහ කරන බව හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් හි පුද්ගලික මූල්‍ය විශේෂඥ සාරා මෙගින්සන් පැවසුවේ මෙලෙස මූල්‍ය රහස් සැඟවීම හේතුවෙන් පවුල් ආරවුල් ද දුරදිග යන බවයි.

ප්‍රේම සබඳතා තුළ සිට ගෘහස්ත පවුල් ජීවිතය තුළ මෙලෙස මූල්‍ය රහස් සැඟවීමට බොහේ දෙනෙකු උත්සහ කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවත් ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 79ක් තම සබඳතාවලදී තම මූල්‍ය හණුදෙනු සම්බන්ධයෙන් එකිනෙකා දැනුවත් කරන අතර රහස්‍ය මූල්‍ය ගණුදෙනු වෙත යොමු නොවන බව සඳහන්.

රහස්‍ය මූල්‍ය ගණුදෙනු වල නිරත වන්නන් අතර මූල්‍ය ආතතිය ද ඉහළ ගොස් ඇති බව ෆයින්ඩර් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »