සිදු වූ අපහසුතාවට වන්දි ඉල්ලන්න ගිය ඔස්ට්‍රේලියා කාන්තාවන්ට බාධකයක්

දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී නිරුවත් කර පරීක්ෂාවට ලක් කළ ඔස්ට්‍රේලියානු කාන්තාවන් පස් දෙනෙකු කටාර් එයාර්වේස් සමාගමට එරෙහිව නඩු පැවරීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි වාර්තා වනවා.

2020 වසරේදී ගුවන් තොටුපළේ බඳුනක දමා ගොස් තිබූ ළදරුවෙකු හමුවීමෙන් පසුවයි ඔවුන් සහ අනෙකුත් කාන්තාවන් ගුවන් යානයෙන් ඉවත් කර දරුවා ප්‍රසූත කර ඇත්තේ කවුරුන්ද යන්න සොයා බලා ඇත්තේ.

මෙම සිදුවීම ජනතාවගේ කෝපයට මෙන්ම දෝෂ දර්ශනයට ලක්වූ අතර එය ජාතීන් කිහිපයක් විසින් හෙළා දැක තිබුණා.

අදාළ සිද්ධියට එරෙහිව ඔස්ට්‍රේලියානු කාන්තාවන් නීතිමය පියවර ගැනීමට උත්සහ කළ ද ගෝලීය සංචාර පාලන නීති යටතේ ගුවන් සමාගමට නඩු පැවරිය නොහැකි බව ඔස්ට්‍රේලියානු අධිකරණයක් සඳහන් කර තිබෙනවා.

අදාළ පරීක්ෂාවට ලක්වූ අනෙක් කාන්තාවන් එක්සත් රාජධානිය සහ නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක මගීන් වූ අතර ඔවුන් මෙම නඩුවට සම්බන්ධ වී නැහැ.

මානසික අවපීඩනය සහ කම්පන ආතති ඇතුළු මානසික සෞඛ්‍ය බලපෑම් මෙන්ම ව්‍යාජ හේතු මත සිරගත කිරීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන් වන්දි ඉල්ලා කාන්තාවන් පස්දෙනා 2021 වසරේදී ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයට නඩු ගොනු කර තිබුණා.

නමුත් පසුගිය බදාදා විනිසුරු ජෝන් හැලී ප්‍රකාශ කළේ මොන්ට්‍රියල් සම්මුතිය නම් බහුපාර්ශ්වික ගිවිසුමක් යටතේ කටාර් එයාර්වේස් සමාගමට අදාළ සිදුවීමට වගකීම භාර ගත නොහැකි බවයි.

මගීන්ට මරණයක් හෝ තුවාලයක් සිදුවුවහොත් පමණක් ගුවන් සේවාවට වගකීම් භාර ගැනීමට හැකි බවයි අදාළ නීතිවල දැක්වෙන්නේ.

කාන්තාවන් ගුවන් යානයෙන් ඉවත් කළ කටාර් පොලිසියේ ක්‍රියාවන්ට හෝ ගිලන්රථවල ඔවුන් පරීක්ෂා කළ හෙදියන්ගේ ක්‍රියාවන්ට ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයට බලපෑම් කළ නොහැකි බව එහි සඳහන්.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »