
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී සියයට 1.9ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රමුඛතම ප්‍රකාශනයක් මගින් සඳහන් කර තිබෙනවා.
2025 වසරේ එම වර්ධනය සියයට 2.5ක ප්‍රමාණයක් දක්වා ඉහළ යනු ඇති බවයි එම ප්‍රකාශනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
2023 වසරේ දෙවන භාගයේදී ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් වීමේ ලකුණු පෙන්නුම් කරන අතර උද්ධමනය තනි ඉලක්කමක් දක්වා අඩු වී ඇතැයි එහි සඳහන්.

විදේශ විනිමය සංචිත අඛණ්ඩව වර්ධනය වීම, සංචාරක පැමිණීම් සහ ප්‍රේෂණ ගලා ඒමේ ප්‍රකෘතියක් පෙන්නුම් කිරීම මෙන්ම සැපයුම් තත්ත්වයන් වැඩිදියුණු වී ඇතැයි එමගින් පෙන්වා දී තිබෙනවා.
බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම කාලානුරූපව නිම කිරීම මගින් ශ්‍රී ලංකාවේ ණය තිරසාර ප්‍රයත්නයන්ට සහාය වනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකු වාර්තා ප්‍රකාශ කර ඇත්තේ.

2023 වසරේදී දුෂ්කර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇතැයි ද එහි සඳහන්.
ශ්‍රී ලංකාව දුප්පතුන්ට සහ අවදානමට ලක්වූවන්ට ඇති බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ අර්බුදයට බලපෑ නිශ්චිත හේතූ විසඳීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ද පෙන්වා දී තිබෙනවා.