1981 සහ 1996 අතර උපන් තරුණ ඔස්ට්‍රේලියානුවන් ගැන අලුත් හෙළිදරව්වක්

තරුණ ඕස්ට්‍රේලියානුවන් රටේ වඩාත්ම ක්‍රියාශීලී දේපල ආයෝජකයින් බවට පත්වෙමින් සිටින බව නව පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මූල්‍යමය අර්බුධයට තනිවම මුහුණදීම පිළිබඳ සතුටු වන බවයි අනාවරණ වී ඇත්තේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, 1981 සහ 1996 අතර උපත ලද කණ්ඩායම් පසුගිය 2023 වසරේ දේපල ආයෝජකයින්ගෙන් සියයට 46ක් නියෝජනය කළ බව සඳහන්.

1965 සිට 1980 දක්වා උපත පුද්ගලයන් විසින් පසුගිය වසරේ නව දේපල මිලදී ගැනීම් සිදු කර ඇත්තේ සියයට 37ක් පමණයි.

ඔස්ට්‍රේලියාවේ නව දේපල ආයෝජකයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 43ක් පමණ වන අතර ඔවුන්ගේ සාමාන්‍ය ණය ප්‍රමාණය ඩොලර් 500,000ට වඩා වැඩි බවයි වාර්තාවල දැක්වෙන්නේ.

වාර්තාගත දේපල මිල ගණන් සහ දැඩි ජීවන වියදම් පීඩනය නොතකා නිවාස හිමිකම සඳහා තරුණ ඔස්ට්‍රේලියානුවන් පෙළඹෙන බව පර්යේෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තමන්ගේ මුලින්ම දේපළ මිලදී ගන්නා බවයි කොමන්වෙල්ත් බැංකුවේ නිවාස මිලදී ගැනීමේ අංශයේ විධායක සාමාන්‍යාධිකාරී මයිකල් බවමන් සඳහන් කළේ.

පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව දේපල ආයෝජකයින්ට ණය දීම සියයට 18.5කින් වර්ධනය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »