
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ නිකුත් කළ මහ බැංකු වාර්තා හා සැසඳීමේ දී ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.8 සිට රුපියල් 293.68 ක් දක්වාත් විකුණුම් අනුපාතය රුපියල් 303.44 සිට රුපියල් 303.33 ක් දක්වාත් පහත වැටී තිබුණා.
මීට අමතරව ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව උච්චාවචනය වී ඇති අතර ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයෙහි ගැණුම් මිල රුපියල් 192.64ක් වන අතර විකුණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 202.72ක් ලෙසටයි.
මේ අතර කුවෙට් ඩිනාරය වැඩිම මිලක් සහිත මුදල් ඒකකය ලෙස අද දිනට නියමිත වාර්තාවලින් පෙන්නුම් කරන අතර එම අගය සටහන්ව ඇත්තේ රුපියල් 971.26ක් ලෙසයි.

මේ අතර බහරෙන් ඩිනාරයක් රුපියල් 792.26ක් ලෙස සටහන් වී තිබෙනවා.