Search

අරමුදල් වංචාවක් නිසා අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

මෙම අරමුදල් ඉලක්ක කරගත් වංචාවන් විශාල ලෙස ඉහළ යාමෙන් පසු ඔස්ට්‍රේලියානුවන්ට තම ගිණුම් පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරන ලෙසටයි අනතුරු අඟවා ඇත්තේ.

අවෙයාර් සුපර් ආයතනය (Aware Super) පවසන්නේ පසුගිය මාස හය තුළ වංචා කිරීමට උත්සාහ කිරීම් සියයට 208කින් වැඩි වී ඇති බවයි.

මේ හේතුවෙන් තම අනාගතය ආරක්ෂා කර ගැනීම සඳහා සුපරීක්ෂාකාරීව සිටින ලෙස මිලියන 1.1ක් වන සාමාජිකයින්ගෙන් ඔවුන් ඉල්ලා තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විශ්‍රාම වැටුප් ඉලක්ක කර ගැනීමේ වංචනික ක්‍රියා ඉහල යමින් ඇති බවයි Aware Superහි මූල්‍ය අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සැමුවෙල් පැස්කෝ ප්‍රකාශ කළේ.

අපරාධ කණ්ඩායම් වැඩිහිටි පුද්ගලයින් ඉලක්ක කිරීමට වැඩි ඉඩක් පවතින අතර අමතක වීම හේතුවෙන් එම ගිණුම් හිමියන් වැඩි අවදානමකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් තම අරමුදල පිළිබඳ නිරන්තර සොයා බැලීම, එහි කොපමණ මුදල් ප්‍රමාණයක් තිබේදැයි දැන ගැනීම මෙන්ම ඒ පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටීම වැදගත් වන බවයි ප්‍රවීණයන් පවසන්නේ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »