කිලෝ 45ක දැවැන්ත කොස් ගෙඩියක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගොවියෙකුගේ වගා බිමක තිබූ කොස් ගසක කිලෝ 45කට වැඩි බරකින් යුත් දැවැන්ත ගෙඩියක් හටගෙන තිබෙනවා.

මෙම ගොවියා මෙන්ම නිවර්තන කලාපීය පළතුරු විශේෂඥයෙකු සඳහන් කළේ තමන් මීට පෙර ඔස්ට්‍රේලියාවේ මෙතරම් බර පලතුරක් දැක නොමැති බවයි.

මස් සඳහා විකල්පයක් ලෙස නිර්මාංශ ආහාර සඳහා ඉල්ලුම වර්ධනය වන විට කොස් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර එය ප්‍රවර්ධනයට ඩොලර් මිලියන 2.7 ක ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි.

කොස් ගෙඩියක බර බොහෝවිට කිලෝ ග්‍රෑම් 5ත් 15ත් අතර පමණ වුවත් එය කිලෝග්‍රෑම් 45ක් පමණ වීම විශේෂත්වයක්.

ගොවිපළ හිමිකරු පැවසුවේ පොළොවේ සිට මීටර් 2ක් පමණ ඉහළින් මෙම කොස් ගෙඩිය වැඩී තිබූ බැවින් පහසුවෙන් නෙළා ගැනීමට හැකි වූ බවයි.

එමෙන්ම තම වගාවන්ට කිසිදු රසායනිකයක් භාවිත නොකළ අතර පොළොවේ ඇති සාරවත් භාවය හේතුවෙන් ශාඛ හොඳින් වර්ධනය වී ඵලදාව ලබාදෙන බවයි ඔහු කියාසිටියේ.

කොස් ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශවල වගා කරන අතර බොහෝ විට නිර්මාංශ විකල්පයක් ලෙස භාවිතා කරනු ලබනවා.

දකුණු සහ අග්නිදිග ආසියාව නිජබිම වන කොස් ශාඛය ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක වගා කෙරෙන අතර එහි ඵලදාව ලබා ගැනීම වෙනුවෙන් වසර 5ක් පමණ කාලයක් ගත වනවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »