මෙල්බන් ගුවන් තොටුපල දුම්රිය ගමන් යළි ස්ථාපිත කරන්න සැලසුම්

මෙල්බන් ගුවන් තොටුපල දක්වා යෝජිත දුම්රිය ගමන් සේවා යළි ස්ථාපිත කිරීමට විශේෂඥයින්ගේ සහයෝගය ලැබී තිබෙනවා.

ඒ අනුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් නීල් ස්කේල්ස් මෙල්බර්න් හි ඇනහිට ඇති ගුවන් තොටුපළ දුම්රිය සම්බන්ධතාවය යළි ආරම්භ කිරීමට සහාය පලකර ඇති බව සඳහන්.

දුම්රිය මාර්ග ස්ථාන ගත කිරීමේදී ගුවන් තොටුපළ දුම්රිය ස්ථානය උස් කළ යුතු ද නැතහොත් භූගත කළ යුතු ද යන්න සම්බන්ධයෙන් වික්ටෝරියා රජය සහ මෙල්බර්න් ගුවන් තොටුපළ අතර දිගුකාලීන මතබේධයක් පැවතුණා.

එම ගැටලුව විසඳීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය විසින් නියෝජිතයෙකු ද පත්කර එවා තිබෙනවා.

අධිවේගී දුම්රිය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු සහ එක්සත් රාජධානියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ස්කේල්ස් මෙම සතියේ මෙල්බන් ගුවන්තොටුපල නැරඹීමට පැමිණෙන බව සඳහන්.

මෙල්බර්න් ගුවන් තොටුපළ ව්‍යාපෘතියේ ගුවන් තොටුපළ භූගතව ඉදිකිරීමට යෝජනා කළ ද වික්ටෝරියානු රජය එයට එකඟතාව පල කර නැහැ.

කඩිනමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හොත් මෙල්බන් වැසියන්ට මෙමගින් වඩාත් ප්‍රයෝජන අත්වන බව සඳහන්.

විශේෂඥ කමිටු වාර්තා කැඳවා නිරීක්ෂණයන් සිදු කර කඩිනම් විසදුම් අපේක්ෂා කරන බවයි වික්ටෝරියානු ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »