බටහිර ඔස්ට්‍රේලියාවෙන් මාරාන්තික මදුරු විශේෂයක් හමුවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයෙන් මාරාන්තික එන්සෙෆලයිටිස් මදුරු විශේෂය හමුවී තිබෙනවා.

මේ හේතුවෙන් මදුරුවන්ගෙන් බෝ විය හැකි වෛරසයක් පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියාවේ බියක් මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රථම වරට පිල්බරා ප්‍රදේශයෙන් මරේ වැලි එන්සෙෆලයිටිස් වෛරසය සොයා ගැනීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ මදුරු දෂ්ට කිරීම්වලින් ආරක්ෂා වන ලෙසටයි.

පිල්බරා ප්‍රජාවට සහ ප්‍රදේශයට යන සංචාරකයින්ට මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමෙන් වෛරසයේ අවදානම අඩු කර ගත හැකි බව ඔවුන් දැනුම් දෙනවා.

තවමත් කිසිදු රෝගියෙකු හමුවී නොමැති වුව ද අවධානයෙන් සිටීම වැදගත් බවයි ප්‍රකාශ කර ඇත්තේ.

මරේ වැලි එන්සෙෆලයිටිස් හි ආරම්භක රෝග ලක්ෂණ අතර උණ, නිදිබර ගතිය, හිසරදය, ඔක්කාරය සහ කරකැවිල්ල ඇතුළත් වනවා.

මෙම රෝග ලක්ෂණ ඇති ඕනෑම කෙනෙකුට විශේෂයෙන් මදුරු දෂ්ට කිරීමෙන් පසුව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසටයි දැනුම් දෙන්නේ.

ආසාදනය වීමේ හා අසනීප වීමේ අවදානම අඩු වුවද මෙම වෛරසයෙන් ඇති වන රෝගය දරුණු විය හැකි අතර මාරාන්තික විය හැකි බව සඳහන්.

මදුරුවන් වඩාත් සක්‍රීය වන අලුයම සහ සවස් වරුවේ එළිමහනේ සිටීමෙන් වළකින ලෙසට මෙන්ම දිගු ලා පැහැති ඇඳුම් අඳින ලෙසට උපදෙස් වී තිබෙනවා.

මදුරු විකර්ෂක භාවිත කරන ලෙසට සහ නිවාස මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ.

එළිමහනේ නිදාගන්නේ නම් මදුරු දැල් සහ මදුරුවන්ගෙන් ආරක්ෂා වන කූඩාරම් භාවිතා කරන ලෙසට ද දැනුම් දෙනවා.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »