වේග සීමා කැඩුවොත් දඩ නියම කරන්න නව ක්‍රමයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාර්ගවල නඩත්තු කටයුතු සිදු කෙරෙන ප්‍රදේශවලදී නියමිත වේග සීමාවන් ඉක්මවා ධාවනය කෙරෙන වාහන සඳහා එම වැරදි හඳුනා ගනු ලබන කැමරා පද්ධතියෙන් දඩ නිකුත් කිරීම ලබන මැයි මාසයේ සිට ආරම්භ කෙරෙනවා.

මෙහෙයුම් අත්හදා බැලීම් අවසන් වීමෙන් පසු අදාළ කැමරා පද්ධති ලබන මැයි මාසයේ සිට නීති උල්ලංඝනය කිරීම් නිවේදන නිකුත් කිරීම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ප්‍රවාහන හා ප්‍රධාන මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ තාක්ෂණික ක්‍රියාකාරකම් අත්හදා බැලීම් අවසන් වූ පසු කැමරා පද්ධති මගින් දඩ මුදල් නිකුත් කිරීම ලබන මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රාන්ත රජය පළමු වරට මෙම කැමරා ව්‍යාපෘතිය 2021 වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කළ ද මෙතෙක් සිදු කර ඇත්තේ වාහනවල වේග සීමා සම්බන්ධ දත්ත ග්‍රහණය කර ගැනීම පමණයි.

අදාළ කැමරා නවීකරණය කරන ලද කැණීම් යන්ත්‍රයක සවි කර ඇති අතර දුරස්ථ පාලකයක් හරහා මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙන ස්ථානයක් වටා ගෙන යාමේ හැකියාව පවතිනවා.

වේගයෙන් රිය පැදවීම තුළින් මාර්ග නඩත්තුවේ නිරත සේවකයන්ගේ ආරක්ෂාවට ගැටලුවක් ස්ථානවල මෙම කැමරා පද්ධති ස්ථාපිත කෙරෙනු ඇති.

මේ අතර බ්‍රිස්බේන් සහ ඒ අවට පාසල් කලාප තුළ ක්‍රියාත්මක මෙවැනි කැමරා මගින් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට දඩ 10,000කට අධික ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »