
ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේදී පාසල් සිසු සිසුවියන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වැරදිකරු වූ සිසුවාගේ දෙමව්පියන්ට සිර දඬුවම් නියම කර තිබෙනවා.
අධිකරණය විසින් ඔවුන් දෙදෙනාට වසර හතක සිරදඬුවමක් නිර්දේශ කළ ද රජයේ නීතිඥයින් එය දීර්ඝ කරන ලෙසටයි ඉල්ලා සිටියේ.
ඔවුන් දෙදෙනා තම පුත්‍රයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කළ ද අධිකරණයෙන් ඔවුන්ට කිසිදු සහනයක් ලැබී නැහැ.

මෙම අධිකරණ නියෝගය අනුව අමෙරිකාවේ පාසල් තුවක්කුකරුවෙකුගේ දෙමව්පියන්ට දඬුවම් ලබා දෙන පළමු අවස්ථාව ලෙසටයි මෙය ඉතිහාසයට එක් වන්නේ.
2021 වසරේදී 15 හැවිරිදි වියේ පසුවූ ඊතන් ක්‍රම්ලි නම් සිසුවා ඔක්ස්ෆර්ඩ් උසස් විද්‍යාලයේදී සහෝදර සිසු සිසුවියන් ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර තිබූ අතර ඉන් 4 දෙනෙකු මියගොස් 7 දෙනෙකු තුවාල ලැබුවා.

තම පුත්‍රයාගේ ගේ මානසික ආබාධය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සග ඔහුට ගිනි අවියක් මිලදී ගෙන දීම දෙමව්පියන්ට එල්ලවූ ප්‍රධාන චෝදනාවයි.
සැකකාර සිසුවා ද මේ වනවිට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමකට ලක්වෙමින් සිටිනවා.