
ඉදි කිරීම් කර්මාන්තයේ නිරතවන සේවකයන්ට වැටුප් වැඩි කිරීමකට අදාළ යෝජනාවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැති ස්ටීවන් මිල්ස් එකඟතාව පළකර තිබෙනවා.
මෙමගින් ලබන ජූලි මාසයේ සිට අදාළ ක්ෂේත්‍රයේ සේවකයන්ට පැයකට ඩොලර් 10 කට වඩා වැඩි වැටුප් වැඩිවීමක් හිමි වනු ඇති.
අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ එය කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල බව පවසමින්.

ජූලි පළමුවැනිදා සිට 2027 වසරේදී ගිවිසුම අවසන් වන තෙක් සෑම වසරකම වෘත්තීය සමිති සේවකයින්ට සියයට 5ක වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති.
මෙම වෘත්තීය සමිති ගිවිසුම් අනුව ඉදිරි වසර හතර තුළ පැයකට ඩොලර් 10 කට වඩා වැඩි වැටුප් වැඩිවීම් සහ නිවසින් බැහැරව වැඩ කිරීමේදී සතියකට අමතර ඩොලර් 1,000ක් සේවකයන්ට ලැබෙන බව සඳහන්.

වඩු කාර්මිකයන් සහ අනෙකුත් සුදුසුකම් ලත් සේවකයන්ට මේ වන විට සතියකට ඩොලර් 1,948කට ආසන්න මුදලක් ගෙවනු ලබනවා.
2027 වන විට එම වඩු කාර්මිකයන්ට සතියකට ඩොලර් 2,351ක් ලැබෙන අතර එය පැයකට ඩොලර් 54.12 සිට ඩොලර් 65.78 දක්වා ඉහළ යනු ඇති.
පුහුණු ශ්‍රමිකයින්ට ඔවුන්ගේ වැටුප් ගිවිසුමට වඩා පැයකට ඩොලර් 10 කින් වැඩි වන අතර එය ඩොලර් 47.63 සිට ඩොලර් 57.89 දක්වා ඉහළ යනවා. 2027 වසර වන විට ඔවුන්ට සතියකට ඩොලර් 2,084ක් හිමිවන බව සඳහන්.