සිඩ්නිහි නිවාස අර්බුධයට විසඳුමක් ළඟදීම

සිඩ්නි අගනගරය ආශ්‍රිත ඉදිවෙමින් පවතින නිවාස සංවර්ධන ව්‍යාපෘතිය මගින් නුදුරේදීම සිඩ්නිහි නිවාස අර්බුධය විසඳිය හැකි බවට විශේෂඥයින් පුරෝකතනය කර තිබෙනවා.

බොක්ස්හිල් අසල ගේබල්ස්හි හෙක්ටයාර් 12ක භූමි ප්‍රමාණයක ඉදිවෙන මෙම නිවාස ව්‍යාපෘතිය විශ්‍රාමික ඔස්ට්‍රේලියානුවන් සඳහා වඩාත් වාසිදායක වනු ඇති බවයි පැවසෙන්නේ.

එනම් මෙම ව්‍යාපෘතිය යටතේ වයස අවුරුදු 60ට වැඩි ප්‍රජාව සඳහා නිවාස 231ක් ඉදිවෙනු ඇති.

මෙම නිවාස ව්‍යාපෘතිය නිව් සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය අතර ද සංවර්ධනය වීමට නියමිතයි.

නිවාස ඉදි කිරීම සඳහා ඉඩම් සහ දේපල බදු පදනමට අදාළ සමාගම්වලට ලබා දී වාසි ලබා ගැනීමට ද ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව පවතිනවා.

මේ පිළිබඳ ආර්ථික විශේෂඥයින් මෙන්ම දේපල සමාගම් අතර සාකච්ඡා පැවැත්වෙන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රාජය බදු පදනම මත ලබා ගත් ඉඩම්වල නිවාස ඉදි කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

ප්‍රමුඛ පෙලේ දේපල සමාගමක් වන මිර්වැක් සමාගම රට පුරා ඉඩම් 27ක් පමණ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 600ක ගනුදෙනු සිදු කර අවසන් බව ද සඳහන්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »