ජාත්‍යන්තර සිසුන්ට වෙන් කළ හෝටල් දෙකක් විකුණා දමයි

ජාත්‍යන්තර සිසුන්ට නවාතැන් පහසුකම් සැලසීමේ අරමුණින් ටස්මේනියා විශ්ව විද්‍යාලය මිලදී ගෙන තිබූ හොබාර්ට්හි හෝටල් දෙකක් විකිණීමට සූදානම් වනවා.

කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව පත් වනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි ටස්මේනියා විශ්ව විද්‍යාලය සඳහන් කළේ.

මේ අනුව ඔවුන් 2018 සහ 2019 වසරවලදී මිලදී ගත් මෙම හෝටල් දෙක විකිණීමට පියවර ගෙන තිබෙනවා.

මධ්‍යම හොබාර්ට් හි තමන් සතු තවත් ගොඩනැගිලි විකුණා එම අරමුදල් සැන්ඩි බේ කැම්පස් හි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට භාවිතා කිරීමට පාලනාධිකාරිය බලාපොරොත්තු වනවා.

ටස්මේනියා විශ්ව විද්‍යාලය පවසන්නේ ඉදිරියේදී ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීමේ වැඩි සැලසුමක් නොමැති බැවින් මධ්‍යම හෝබාර්ට් හි මිලදී ගත් හෝටල් දෙක විකුණා දමන බවයි.

මිඩ් සිටි සහ ෆවුන්ටන් සයිඩ් හෝටල් ඩොලර් මිලියන 42.26 කට ජාත්‍යන්තර සිසුන්ට නවාතැන් ගැනීමේ අරමුණින් මිලදී ගෙන තිබුණා.

මේ අනුව කාමර 174 කින් සමන්විත මෙම හෝටල් නැවත අලෙවි කෙරෙන අතර ඒවා වසර කිහිපයක සිට සිසුන්ගේ නවාතැන් සඳහා භාවිත කර නොමැති බව ද සඳහන්.

ටැස්මේනියා විශ්ව විද්‍යාල සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ඇතුළත් වූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 2019 දී පැවති 6,322 සිට 2022 වසරේදී 3,769 දක්වා සියයට 40 කින් පහත වැටී ඇති බවයි.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »