වැඩිම ලිංගික සහකරුවන් ඇසුරු කරන්නන් අතර ඔස්ට්‍රේලියානුවන් දෙවන තැනට

ජීවිත කාලය තුළ වැඩිම ලිංගික සහකරුවන් පිරිසක් ඇසුරු කරන ලොව දෙවන රාජ්‍ය බවට ඔස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.

වර්ල්ඩ් පොපියුලේෂන් රිවීව් විසින් කරන ලද සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ වයස අවුරුදු 25ත් 44ත් අතර ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ ලිංගික සහකරුවන් 13ක් පමණ ඇසුරු කරන බවයි.

ලොව වැඩිම සහකරුවන් පිරිසක් සිටින රාජ්‍ය ලෙස තුර්කිය නම් කර ඇති අතර ඔවුන් ලිංගික සහකරුවන් 14 දෙනෙකු පමණ ඇසුරු කරන බව සඳහන්.

එම ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානය නව සීලන්තයටත් අයිස්ලන්තය 4වන ස්ථානයටත් නම් කර තිබෙන අතර ඉතාලිය 8වන ස්ථානයේ පසුවනවා.

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාඥ ඩැනියෙල් බ්‍රවුන් පැවසුවේ මෙම ලිංගික සහකරුවන් ශාරිරික සබඳතාවලට වඩා දුරකතන මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලිංගික අදහස් හුවමාරු කිරීමෙන් පවත්වාගෙන යන බවයි.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානුවන් ශාරීරිකව ලිංගික එක්වීම්හි අඩු ප්‍රවණතාවක් පවතින බවයි තහවුරු වී ඇත්තේ.

කාන්තාවන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු පිරිමි පුද්ගලයන් මෙලෙස ලිංගික සහකාරියන් වැඩි පිරිසක් ඇසුරු කරන බව සඳහන්.

මේ අතර ඉන්දියාව ලොව විවාහ නීති වඩාත් තදින් ක්‍රියාත්මක වන රටක් ලෙස සැලකෙන අතර ලිංගික සහකරුවන් ඇසුරු කිරීමේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව අවසන් ස්ථානයට පත්ව තිබෙනවා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »