ඩොලර් බිලියන 1.9ක ලොතරැයි ත්‍යාගයට හිමිකරු ඉදිරිපත් වෙයි

ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ඩොලර් බිලියන 1.9ක පවර්බෝල් ලොතරැයියක සුපිරි ත්‍යාගයේ හිමිකරු ඉදිරිපත් වී තිබෙනවා.

සෙනසුරාදා දිනුම් අදිනු ලැබූ ජැක්පොට් හි ජයග්‍රාහී අංක හයටම ගැලපෙන ටිකට් පතක් ඇති අයෙක් ත්‍යාගය ලබා ගැනීමට සඳුදා ඉදිරිපත් වූ බවයි ඔරිගන් නිලධාරීන් ප්‍රකාශ කළේ.

ලොතරැයිය සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නගරයේ ඊසානදිග කොටසේ පිහිටි ස්ථානයකින් මෙම පුද්ගලයා අදාළ ලොතරැයි ටිකට්පත මිලදී ගෙන ඇති බවයි.

ත්‍යාග මුදල ප්‍රදානය කිරීමට පෙර ජයග්‍රාහකයා තහවුරු කර ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ.

ඔරිගන් ලොතරැයිය ජයග්‍රාහකයෙකු ප්‍රකාශයට පත් කිරීමට පෙර ආරක්ෂක පියවරයන් සහ පරීක්ෂා කිරීම් ඇතුළත් දීර්ඝ ක්‍රියාවලියක නිරත වනවා.

මෙය ඔරිගන් ලොතරැයිය සඳහා පෙර නොවූ විරූ ජැක්පොට් ජයග්‍රහණයක් බවයි ලොතරැයි අධ්‍යක්ෂ මයික් වෙල්ස් ප්‍රකාශ කළේ.

ඔරිගන් ලොතරැයි සමාගමට අනුව මෙම ත්‍යාගය ඉතිහාසයේ සිව්වන විශාලතම ජයග්‍රහණය මෙන්ම එක්සත් ජනපද ජැක්පොට් ක්‍රීඩා අතර අටවන විශාලතම සුපරි ත්‍යාගයයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »