Search

මිල ගැන චෝදනා එල්ල වූ Woolworths රජයෙන් ඉල්ලීමක් කරයි

සුපිරි වෙළඳසැල් දැවැන්තයෙකු වන Woolworths විසින් Amazon සහ කොස්ට්කෝ (Costco) වැනි ජාත්‍යන්තර සමාගම්හි භාණ්ඩ හා සේවා ඇතුළත් කිරීම සඳහා ආචාර ධර්ම සංග්‍රහය පුළුල් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මේ පිළිබඳ සමාලෝචන වාර්තාවක් හිටපු රජයේ අමාත්‍ය ක්‍රේග් එමර්සන් විසින් ඉදිරිපත් කර ඇති අතර එහිදී අන්තර්ජාතික සැපයුම්කරුවන්ට අයුතු ලෙස සලකන ඕනෑම සුපිරි වෙළඳසැලකට එරෙහිව දඩ මුදල් අය කළ යුතු බවයි දන්වා තිබුණේ.

දැනට පවතින ආචාර ධර්ම සංග්‍රහය කඩ කිරීම් සඳහා කිසිදු දඬුවමක් සුපිරි වෙළඳසැල් සඳහා පනවා නොමැති අතර ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් කිහිපයක් මීට අත්සන් කර ඇති බව සඳහන්.

ගෝලීයව පිළිගත් Amazon සහ Costco වැනි ආයතන මෙරට සුපිරි වෙළඳසැල් පද්ධතියට ඇතුලත් කර ගැනීමේ දී යම් කේතයක් හඳුන්වාදිය යුතු බවට ද යෝජනා මතුව තිබෙනවා.

පවතින ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය සහය සුපිරි වෙළඳසැල්වලින් ලබා දෙන බවට නිර්දේශ ඉදිරිපත්ව ඇති අතර ජාත්‍යන්තර සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ විශ්වාසනීයත්වය පිළිබඳව ද අදහස් මතු වී ඇතැයි සඳහන්.

දේශීය සමාගම්වලට ජාත්‍යන්තරයෙන් සිදුවන බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කර ඇති අතර මෙහි සම්පුර්ණ සමාලෝචන වාර්තාවක් ලබන ජුනි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »