මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව සුදානම් වනවා.

පර්යේෂණ සහ නවෝත්පාදනය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල සහයෝගීතාව සඳහා වන ජෛව තාක්ෂණ ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය අතර ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

යෝජිත අවබෝධතා ගිවිසුම් කෙටුම්පත සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය ලැබී තිබෙනවා.

මේ හරහා පර්යේෂණ හා සේවා සමඟ ඒකාබද්ධ යෝජනා සංවර්ධනය කිරීම, නව්‍ය තාක්‍ෂණ සංවර්ධනය සහ දැනුම ව්‍යාප්ත කිරීම, පර්යේෂණ ද්‍රව්‍ය හුවමාරු කිරීම, විද්වතුන්, විද්‍යාඥයින් සහ සිසුන් හුවමාරු කර ගැනීම ද සිදුවන බව සඳහන්.

තවද අදාළ ද්විපාර්ශවීය ගිවිසුමට අදාළ කෙටුම්පත මේ වන විටත් සම්පාදනය කර ඇති අතර සහයෝගී සම්මන්ත්‍රණ, වැඩමුළු සහ පර්යේෂණ ආශ්‍රිත ක්‍රියාකාරකම් වැනි කාර්යයන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් ද කෙටුම්පතෙහි අඩංගුව තිබෙනවා.

දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇති අතර එම කටයුතු කඩිනමින් මොනෑෂ් විශ්ව විද්‍යාල බලධාරීන් සමග ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා රජය සඳහන් කර ඇත්තේ.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »