සිඩ්නි ඇතුලු නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරුදායක සුළං ප්‍රවාහයක් පිළිබඳ සඳහා අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
ඊයේ පැවති අධික වර්ෂාපතනයෙන් පසු අද නිව් සවුත් වේල්ස් වෙරළ තීරයට තද සුළං සහ මුහුද රළු විය හැකි බවටයි දැනුම් දී ඇත්තේ.
ටස්මන් මුහුද ආශ්‍රිතව ඊයේ දිනයේදී නිර්මාණය වී තිබූ අඩු පීඩන පද්ධතියක් හේතුවෙන් මෙම කාලගුණ වෙනස හටගෙන තිබෙනවා.
අද සිඩ්නි සහ කෝෆ්ස් වරාය අතර වෙරළ තීරයේ සඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර 100 ක් පමණ වන දැඩි සුළං ඇති විය හැකි බවයි කාලගුණ අංශ දැනුම් දෙන්නේ.
මෙම ප්‍රදේශවල වෙරළ ආසන්නයේ රළ පහර අනතුරුදායක විය හැකි බැවින් රළ පහරට නිරාවරණ වන ප්‍රදේශවලින් ඈත් විය යුතු බව කාර්යාංශය ප්‍රකාශ කළා.