විශේෂ කාන්තාවන් පිරිසකට සිඩ්නි නුවරින් නිවාස

ඔස්ට්‍රේලියාවේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සඳහා වෙන් වූ නිවාස ව්‍යාපෘතියක් සිඩ්නි නුවර ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිඩ්නි හි ස්ථාපිත කෙරෙන මෙම නිවාස නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සඳහා වූ දැරිය හැකි මිලකට ඇති පළමු නිවාස වැඩසටහන ලෙසටයි සැලකෙන්නේ.

එමෙන්ම එය ඔස්ට්‍රේලියාවේ එවැනි පළමුවැනි ව්‍යාපෘතිය වන අතර සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනා ගන්නා කාන්තාවන්ට ආරක්ෂිත සහ දැරිය හැකි නිවාස ලබා දීම මෙහි අරමුණයි.

සිඩ්නි නගරයේ ග්‍රීන්ස් මන්ත්‍රී සිල්වි එල්ස්මෝ පැවසුවේ සංක්‍රාන්ති ලිංගිකයන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙන් වෙනස් වන පුද්ගලයින්ට නිවාස නොමැතිකම සහ අනාරක්ෂිතභාවයට විශේෂයෙන් ගොදුරු වන බවයි.

මෙම නිවාස වැඩසටහන ඔස්ට්‍රේලියාවේ පළමුවැන්න පමණක් නොව ලෝකයේම පළමුවැන්න බවයි ඇය කියාසිටියේ.

මෙවැනි නිවාස පිහිටුවීමට සුදුසුම ස්ථානය වන ඩාර්ලින්හර්ස්ට් හි නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බව ද ග්‍රීන්ස් මන්ත්‍රී සිල්වි එල්ස්මෝ සඳහන් කළා.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »