මත ගැටුම් මැද ඇඩිලේඩ්වල නව ගොඩනැගිල්ලක්

ඇඩිලේඩ්හි ෆෙස්ටිවල් ප්ලාසාහි (Adelaide’s Festival Plaza) දෙවන කුළුණක් ඉදි කිරීම සඳහා සැලසුම් එළිදක්වා තිබෙනවා.

තට්ටු 38කින් යුත් මෙම නව ගොඩනැගිල්ල හේතුවෙන් මෑතකදී නිම කළ වන් ෆෙස්ටිවල් ටවර් (One Festival Tower) කුළුණ දෙවැනි තැනට පත්වනු ඇති.

වෝකර් කෝපරේෂන් හි (Walker Corporation) හි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ගැලන්ට් ප්‍රකාශ කළේ ඇඩිලේඩ් නගරය ආර්ථික බලාගාරයක් සහ රැකියා උත්පාදන ආර්ථිකයක් සහිත කලාපයක් බවට පරිවර්තනය කිරීම නව ඉදි කිරීම තුලින් සංකේතවත් කරන බවයි.

පාර්ලිමේන්තු මන්දිරය සහ ගොඩනැගිල්ල අතර දර්ශනය අවහිර නොවන ලෙසට දැවැන්ත වීදුරු ආලින්දයක් සහ වැඩි දියුණු කරන ලද පොදු අවකාශයන් ස්ථාපිත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මීට පෙර අනුමත වී තිබූ තෙමහල් ගොඩනැගිල්ල මගින් පාර්ලිමේන්තුවේ මුහුණත සහ බැල්කනියේ දර්ශනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා.

නව කුළුණේ පොදු ජනතාව සඳහා පහත මහල් 4ක් වෙන් කිරීම ඇතුළුව වෝකර් කෝපරේෂන් සමාගම ජනතාවට ඩොලර් මිලියන 40ක් වටිනා ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තු මන්දිරය සම්පූර්ණයෙන්ම අවහිර කරන මිනිසුන් නොමැති තෙමහල් ගොඩනැගිල්ලකට වඩා මෙය හොඳ ව්‍යාපෘතියක් බව අගමැති පීටර් මලිනවුස්කාස් ප්‍රකාශ කර තිබෙනවා.

සැලසුම් අනුව 2027 වසරේ මැද භාගය වන විට කුළුණේ වැඩ කටයුතු අවසන් කළ හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඇඩිලේඩ් හි පවතින කාර්යාල පුරප්පාඩු අනුපාතය සියයට 19ක් පමණ වනබවින් මෙවැනි කුළුණක් මගින් ඒ සඳහා විසඳුම් සෙවීමට ඇති හැකියාව පිළිබඳව විවිධ මත ද පලවී තිබෙනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »