Search

ඩොලර් මිලියන 50ක ලොතරැයි සුපිරි ත්‍යාගයට හිමිකරුවෙක් නැති වෙයි

ඔස් ලොටෝ (Oz Lotto) ජැක් පොට් ලොතරැයියේ ඊයේ දිනුම් ඇදීමේ ඩොලර් මිලියන 50ක සුපිරි ත්‍යාගය ජයග්‍රහණය කර තිබෙනවා.

ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ පදිංචිකරුවෙකුට මෙම සුපිරි ත්‍යාගය හිමිවී ඇති බවයි පැවසෙන්නේ.

ඔස් ලොටෝ නිලධාරීන් සඳහන් කළේ ජයග්‍රාහී ටිකට්පත ලියාපදිංචි ලොතරැයි තරගකරුවෙකු විසින් අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඇති අතර ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් දැනුම් දීමට ලබා ගත් ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූ බවයි.

මෙවර ලොතරැයි මිලදී ගත් සියලුම Oz Lotto ක්‍රීඩකයින්ගෙන් බලධාරීන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් තම ටිකට් පත් පරීක්ෂා කරන ලෙසයි.

පසුගිය දිනුම් ඇදීමේ වාර 6 තුළ කිසිදු ජයග්‍රාහකයෙකු බිහි නොවීම හේතුවෙන් මෙවර සුපිරි ත්‍යාග මුදල ඩොලර් මිලියන 50ක් දක්වා වර්ධනය වී තිබුණා.

ඒ අනුව මෙම Oz Lotto සුපිරි ත්‍යාගය 2024 වසරේ තුන්වන විශාලතම ලොතරැයි ජයග්‍රහණය බවට ද පත් වුණා.

පසුගිය වසරේ, ඕස්ට්‍රේලියාව පුරා Oz Lotto අංශයේ ජයග්‍රහණ 16ක් තිබූ අතර ඔවුන් අතර බෙදා දී ඇති මුදල ඩොලර් මිලියන 330.8කට වඩා වැඩි බව සඳහන්.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »