Search

යෞවනයන්ට පැනවූ ඇඳිරි නීතිය තවත් දීර්ඝ වෙයි

ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයේ තරුණ වයස්වල පසුවන්නන්ට පැනවූ ඇඳිරි නීතිය තවත් දින හයකට දීර්ඝ කර තිබෙනවා.

නොර්තන් ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය ඊවා ලෝලර් නිවේදනය කර ඇත්තේ ලබන අඟහරුවාදා පාසල නැවත ආරම්භ වන තෙක් එය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඇඳිරි නීතිය නැවත පාසල් ආරම්භ කෙරෙන ලබන අඟහරුවාදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන අතර එය පාසල් නිවාඩු කාලයම ආවරණය කරන බවයි අමාත්‍යවරිය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

නගර මධ්‍යයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් පසුගිය මාර්තු 27 වනදා සිට සති දෙකක කාලයක් අවුරුදු 18ට යොවුන් පිරිස සඳහා සවස 6 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

එහි නීති රීතිවලට අනුව, ඇඳිරි නීතිය පවතින වේලාවන්හිදී නගරයේ හෝ මාර්ගවල සිටින ඕනෑම දරුවෙකු නිවසට හෝ ආරක්ෂිත ස්ථානයකට ගෙන යනු ලබන අතර අපරාධ දඬුවම් ක්‍රියාත්මක වන්නේ නැහැ.

මෙම ඇඳිරි නීතිය හඳුන්වාදීමත් සමඟ සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවති හමුවකදී එහි කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කෙරුණා.

නොර්තන් ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය ඊවා ලෝලර් පැවසුවේ ඇඳිරි නීතිය පැනවීමත් සමග තදාසන්න ප්‍රදේශවල සිදු වූ සොරකම් ද අඩු වී ඇති බවයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »