Search

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කසළ ගැටලුවක්

මෙල්බර්න් නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල නීති විරෝධී ලෙස කසල බැහැර කිරීම ගැටලුවක් බවට පත්වෙමින් ඇතැයි වාර්තා වනවා.

ජනතාව විසින් තොරතුරු ලබා දෙන ස්නැප් සෙන්ඩ් සොල්ව් (Snap Send Solve) යෙදුමට අනුව සමහර ඇතැම් ප්‍රදේශවල අනවසර කසල බැහැර කිරීම් සියයට 25 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කළේ අනවසරයෙන් බැහැර කළ කසල අතර ටයර්, විදුලි පංකා සහ මුළුතැන්ගෙයි සින්ක් පවා ඇතුළත් වූ බවයි.

නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම සඳහා නිදහසට හේතුවක් නොමැති අතර පසුගිය වසරේ මෙවැනි කසල ඉවත් කිරීමට තම කවුන්සිලයට ඩොලර් මිලියන 1.3 කට වඩා වැඩි මුදලක් වැය වූ බවයි වින්ඩ්හැම් නගරාධිපති ජෙනී බැරේරා පැවසුවේ.

Snap Send Solve හි දත්ත වලට අනුව මෙල්බර්න් හි තදාසන්න ප්‍රදේශවලින් බැහැර කරන ලද කසළ පිළිබඳ වාර්තා ද සියයට 25කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙල්බර්න් ඇතුලු ප්‍රදේශවල කසල ඉවත් කිරීමේ ගාස්තු ඩොලර් 48කින් පමණ ඉහළ ගොස් ඇති අතර එම තත්වය මත මෙලෙස අවිධිමත් ආකාරයෙන් කසල බැහැර කිරීම සිදු වන බව සඳහන්.

නීතිවිරෝධී ලෙස කසල බැහැර කිරීමට එරෙහිව සංඥා පුවරු සවි කිරීම, පැය 24 පුරා ක්‍රියාත්මක නිරීක්ෂණ කැමරා සහ දඬුවම් පිළිබඳ අනතුරු ඇඟවීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය වී තිබෙනවා.