ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් ගැන බිය තුරන් වෙයි

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජය පිළිබඳ වු බිය තුරන් කරමින් පසුගිය පෙරබරවාරි මාසයේ පමණක් ඔස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 9.5ක මුදලක් ATM යන්ත්‍ර මගින් ලබා ගෙන තිබෙනවා.

එම අගය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 3.6 ඉහළ යෑමක් බව සඳහන්.

අවම වශයෙන් එක් පුද්ගලයෙකු ඩොලර් 308ක මුදලක් හෝ මාසයකට ATM යන්ත්‍ර මගින් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගිය මාස දොළහක කාලසීමාව තුළ මුදල් නෝට්ටු භාවිතය පහළ ගොස් ඇති අතර යළිත් මුදල් පරිහරණය කරන සමාජයක් ගොඩනැගෙනු ඇතැයි විශ්වාසයක් පවතිනවා.

ඒ අනුව මුදල් භාවිතය පහත වැටෙමින් පවතින බවත් ඉතා ඉක්මනින් මුදල් රහිත ඔස්ට්‍රේලියාවක් ඇති වන බවත් තවදුරටත් පැවසිය නොහැකි බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන් අතර ඩිජිටල් ගෙවීම් සඳහා වැඩි නැඹුරුතාවක් පැවතිය ද සම්පූර්ණයෙන් මුදල් රහිත සමාජයක් නිර්මාණය වනු ඇතැයි යන බියක් ඇති කර නොගත යුතු බව විශ්ලේෂකයින් ප්‍රකාශ කරනවා.

ඩිජිටල් ගෙවුම් පිළිබඳ සැළකීමේ දී 2018 දී ඩොලර් මිලියන 746 සිට 2022 දී ඩොලර් බිලියන 93 දක්වා ඩිජිටල් ගෙවීම් ඉහළ ගොස් තිබෙනවා.

ඩිජිටල් ගෙවීම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් අභිබවා ගොස් ඇති බව ද සඳහන්.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »