තරුණ වියේ මගහැරුණු දේ කරන්න යන ඔස්ට්‍රේලියා වැඩිහිටියෝ

ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් සියයට 20ක් පමණ වයස අවුරුදු 55ක ඉක්මවු වැඩිහිටි පිරිසක් බව හඳුනාගෙන තිබෙනවා.

නාගරික ආර්ථික විද්‍යාඥ ටෙරී රවුන්ස්ලි පවසන්නේ 2022 සහ 2023 දී පිරිමින් සඳහා සාමාන්‍ය විශ්‍රාම වයස 66ක් වූ අතර කාන්තාවන් සඳහා එය වයස 64ක් වූ බවයි.

විශේෂයෙන් පශ්චාත් කොවිඩ් කාල වකවානුව තුළ වැඩිහිටි පුද්ගලයින් ශ්‍රම බලකායේ රැඳී සිටීම හෝ නැවත රැකියා වෙත යාමේ ප්‍රවණතාවක් පවතින බවයි වාර්තා වන්නේ.

කොවිඩ් කාලසීමාවෙන් පසු ජාත්‍යන්තර සංක්‍රමණිකයින් නැවත පැමිණීමත් සමඟ වයස අවුරුදු 55ට වැඩි ශ්‍රම බලකාය සටහන්ව ඇත්තේ සියයට 21.3ක් ලෙසයි.

පසුගිය වසර 20ක කාලසීමාව තුළ කාන්තාවන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61ක් වු අතර පිරිමි පුද්ගලයින් වයස අවුරුදු 63දී විශ්‍රාම ගැනීම සිදු කළා.

නමුත් වත්මන් ජීවන වියදම් අර්බුදයත් සමග වැඩිහිටි ප්‍රජාව විශ්‍රාම සුවයෙන් සිටිනවාට වඩා රැකියා වෙත යොමු වන බවයි හඳුනාගෙන ඇත්තේ.

වැඩිහිටි ප්‍රජාව තමන්ට තරුණ වීයේ මගහැරුණු රැකියා වෙත යළි යොමුවීමට ප්‍රියතාවක් දක්වන බව ද සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »