
ඇමෙරිකාවේ ජනපද 15කට මෙන්ම මෙක්සිකෝවට සහ කැනඩාවට දිස් වූ පූර්ණ සූර්ය ග්‍රහණය මිලියන ගණනක ජනතාවක් නරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
නාසා ආයතනය ද ඔවුන්ගේ වෙබ් අඩවි හරහා සූර්ය ග්‍රහණය සිදුවන අයුරු සජීවීව විකාශය කළ අතර මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් ලෝපේස් ද සුර්ය ග්‍රහණය නරඹා ඇති බවයි වාර්තා වන්නේ.
සැතපුම් 155ක පළලකින් සහ සැතපුම් 4,000 කට වඩා දිගකින් යුත් ප්‍රදේශයකට මෙම සුර්යග්‍රහණය දර්ශනය වී තිබුණා.

චන්ද්‍රයාගේ සෙවණැල්ල පතිත වන මාර්ගය තුළ වෙසෙන මිලියන 32ක් වූ ඇමරිකානු ජනතාවට හිරු පූර්ණ වශයෙන් වැසී යන මනස්කාන්ත දර්ශනය දැක ගැනීමේ විරල අවස්ථාව හිමි වූ බවයි වාර්තා වන්නේ.
යුරෝපා රටවල් කීපයකට ද මෙම සූර්ය ග්‍රහණය දිස්වූයේ අතර ඒ අර්ධ සූර්ය ග්‍රහණයක් ආකාරයෙන්.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඊගල් පාස් සහ නිව්යෝක් වැසියන්ට සූර්ය ග්‍රහණය පැහැදිලිව දකින්න ලැබී තිබෙනවා.
මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉතා කලාතුරකින් වන අතර ඇමෙරිකානුවන්ට යළිත් මෙවැනි සූර්යග්‍රහණයක් දැක ගැනීමට හැකි වන්නේ 2044 වසරේදී බවයි නාසා ආයතනය සඳහන් කර ඇත්තේ.