TikTok තහනම් කරන්න තවත් රටක් සූදානමින්

TikTok ජංගම දුරකථන යෙදුමේ දත්තවල ආරක්‍ෂාව සහ රහස්‍යතාව සම්බන්ධයෙන් කෙන්යාවට ගැටළුවක් පැනනැගී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව TikTok යෙදුමට සීමා කිරීම් ගෙන ඒම සම්බන්ධයෙන් සලකා බලන නවතම රට බවට කෙන්යාව පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීන සමාගමක් වන ByteDance සමාගම තම රටේ දත්ත ආරක්ෂණ සහ රහස්‍යතා නීතිවලට බලපෑම් කරන ආකාරය සම්බන්ධයෙන් කෙන්යාවේ ඉහළ බලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බවයි වාර්තා වනවා.

ඒ අනුව TikTok යෙදවුම් කෙන්යාව තුළ තහනම් කිරීමේ අවධානමක් ඇති බවත් කෙන්යානු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දත්තවල රහස්‍යභාවය සහ ජාතික ආරක්ෂාව පදනම් කර ගනිමින් අමෙරිකාව තුළ පවා TikTok තහනමක් පිළිබඳ කතාබහක් මේ වන විට පවතිනවා.

එමෙන්ම සෙනගාලය සහ සෝමාලියාව තුළ මේ වන විටත් TikTok තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »