
ශීත සෘතුව එළඹීමට ප්‍රථම ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක ප්‍රදේශ කිහිපයකට හිම පතනයන් සිදුව තිබෙනවා.
කාලගුණ විද්‍යා කාර්යංශ සඳහන් කර ඇත්තේ අවම වශයෙන් ශීත සෘතුව පටන් ගැනීමට තවත් සති 8ක කාලසීමාවක් පවතින බවයි.
ඒ අනුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ත්‍රෙඩ්බෝ සහ පෙරීශර් (Thredbo and Perisher) යන ප්‍රදේශයන්ටත් වික්ටෝරියා ප්‍රාන්තයේ හෝතම් සහ මවුන්ට් බෝ (Hotham, Mount Baw) යන ප්‍රදේශවලට ද හිම පතනයන් සිදුව තිබුණා.

සාමාන්‍යයෙන් හිම පතනයන් සිදුවීම ජුනි මාසයේ අපේක්ෂා කරන අතර මෙවර ශීත සෘතුව කලින් ඔස්ට්‍රේලියාවට පැමිණිම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර ඇති බව සඳහන්.
කාලගුණ විද්‍යාඥයින් තහවුරු කළේ එය මේ වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගොඩබිමට ඇති වූ පළමු හිම පතනය බවයි.

සෙන්ටිමීටර 5ක ඝණකමකින් යුත් හිමපතනයක් එම ප්‍රදේශවලට පතිත වී ඇති බවයි වාර්තා වන්නේ.