ශ්‍රී ලංකාවේ අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් වෙයි

කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම යන ජන ක්‍රීඩා දෙකෙහි නම් වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරි කැවීම ලෙස වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවවලදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මෙම නම් වෙනස් කිරීම සිදු කළ බවයි සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සඳහන් කළේ.

ඔහු ප්‍රකාශ කළේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමු වී ඇති බවයි.

කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් එය තම අමාත්‍යාංශය විසින් ද පිළිගන්නා බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

අදාළ ක්‍රීඩා අංග දෙකෙහි නම් වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරි කැවීම ලෙස හඳුන්වන ලෙස අවුරුදු උත්සව සංවිධායකයින් ද දැනුවත් කර තිබෙනවා.

එමඟින් සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර මෙවර සියලුම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »