Search

වැටුප ප්‍රමාණවත් නැති ඔස්ට්‍රේලියානුවන් විකල්පයකට යොමුවෙයි

මූලික ජීවන වියදම් පියවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් නව රැකියා සඳහා යොමුවන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

ගෙවීම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නිවාස පිරිවැය සියයට 22කින් ද ආහාර සහ සිල්ලර බඩු සියයට 17 කින් ද විදුලිය සියයට 17කින් ද ප්‍රවාහන වියදම් සියයට 11කින් ද ඉහළ යෑම මීට හේතුව බව ඇන්ග්ලිකෙයා දත්ත පෙන්වා දෙනවා.

අත්‍යාවශ්‍ය වියදම් උද්ධමනයට වඩා ඉතා වේගයෙන් වර්ධනය වන අතර ජීවන වියදම් පියවා ගැනීමට ලැබෙන වැටුප ප්‍රමාණයත් නොවන බව සඳහන්.

අඩුම ආදායම් ලබන පුද්ගලයින්ට දැනට මූලික පිරිවැය පවා සපුරා ගත නොහැකි බැවින් පසුගිය වසර දෙක තුළ නිවාස කුලී සහ ආහාරවල පිරිවැය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ආදායම ජීවන වියදමට වඩා තවත් පහත වැටෙන විට නව රැකියා සෙවීම් වෙත යොමුවන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙනවා.

මිනිසුන්ට ණය බරින් වැඩි වීමට හෝ ආහාර සහ වෛද්‍ය හමුවීම් ඇතුළු මූලික අත්‍යවශ්‍ය දෑ මග හැරීමට ද මෙම තත්වය හේතු වන අතර අවම වැටුප ජීවන වැටුපක් ප්‍රකාශයට පත් කළ යුතු බව විශේෂඥයන් පවසනවා.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »