සිඩ්නිහි දැරිය හැකි මුදලකට ඇති නිවාස මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ නේවාසික දේපල පිළිබඳ අධ්‍යයනය කරන ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් ආයතනය මගින් සිදු කළ අධ්‍යනයකට අනුව හෙළිවී ඇත්තේ පවතින දැරිය හැකි මිල අගය 2025 වසර වන විට තවදුරටත් ඉහළ යනු ඇති බවයි.
2023 වසරේ දෙසැම්බර් වන විට දේපළ මිල අගය සාමාන්‍යයෙන් සියයට 1.5 කින් ඉහළ ගොස් ඇති අතර 2024 වන විට ප්‍රධාන නගරයන් හි කුලී නිවාස මිල අගය සියයට 4.7 දක්වා ඉහළ යන බවයි එම වාර්තා පුරෝකතනය කර ඇත්තේ.
මෙම වසර මැද වන විට බැංකු පොලී අනුපාතිකය අඩු වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් අනාවැකි පල කළ ද නිවාස මිල අගය පහත වැටීමක් අපේක්ෂා කළ නොහැකි බව ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් වාර්තා පෙන්වා දෙනවා.
2027 දක්වා වූ වසර 3ක කාලසීමාව තුළ නිවාස මිල අගය මන්දගාමී ස්වරුපයක පවතින අතර සිඩ්නි හා මෙල්බන්හි කුලී නිවාස මිල අගය ස්ථාවරව පවතිනු ඇතැයි සඳහන්.
විදේශ සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමග සිඩ්නි, හෝබාර්ට් සහ ඇඩිලේඩ් යන නගරවල කුලී නිවාස මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවයි පුරෝකතනය කර ඇත්තේ.
තනි නිවාස ඒකකයන්හි මිල ඉදිරි වසර තුළදී සියයට 5.1ක් දක්වා වර්ධනය වනු ඇති බව ද ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.