ඉන්ධන මිල තවත් ඉහළට

මේ වන විටත් ඉහළ ගොස් ඇති පෙට්‍රල් මිල එළඹෙන පාසල් නිවාඩු කාලය තුළ උපරිම මිලක් දක්වා ඉහළ යනු ඇතැයි මත පලවී තිබෙනවා.

Sydneyහි ඉන්ධන මිල 2024 පාසල් නිවාඩුව ආරම්භයට සතියක් පමණ තිබියදී මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අන් ලෙඩඩ් පෙට්‍රල්වල සාමාන්‍ය මිල ලීටරයක් ශත 201.4ක් දක්වා ශත 9.8 කින් ඉහළ ගොස් ඇති අතර ලබන සතිය වන විට තවත් ඉහළ මිලකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ජාතික මාර්ග සහ මෝටර් රථ හිමියන්ගේ සංගමය පුරෝකථනය කරන්නේ අප්‍රේල් 15 වෙනිදා ආරම්භ වන පාසල් නිවාඩු කාලය තුළදී පෙට්‍රල් මිල ඩොලර් ශත 220ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවයි.

නිව් සවුත්වේල්ස් රජයේ FuelCheck වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඇතැම් සේවා ස්ථාන අන් ලෙඩඩ් ඉන්ධන සඳහා ශත 235.9ක් දක්වා අය කරන බවයි.

ඇඩිලේඩ්හි ග්රීනේකර් (Greenacre) ප්‍රදේශයේ ටෙම්ප්කෝ (TEMPCO) පිරවුම්හලෙහි මිල ගණන් අඩුම පෙට්‍රල් අලෙවි වන අතර එහි ලීටරයක මිල දැක්වෙන්නේ ශත 177.1ක් ලෙසටයි. යුගුනාහි (Yagoona) මෙට්‍රෝ පිරවුම්හලේ ලීටරයක් ශත 177.9කට අලෙවි කෙරෙනවා.

සිඩ්නි හි ඩීසල් ලීටරයක මිල ශත 200.5 ක් වන අතර එය පසුගිය සතියට වඩා ශත 0.4කින් අඩු මුදලක්.

ඉන්ධන මිල වැඩිවීම පෙට්‍රල් සිල්ලර වෙළෙන්දන්ගේ මිලකරණ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් මිස ඉන්ධන තොග මිලෙහි වෙනස්වීමක් නොවන බවයි ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම සඳහන් කළේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »