Search

ඔස්ට්‍රේලියානු ළමුන්ගේ රෝගයක් ගැන සමීක්ෂණයක්

අවම වශයෙන් සෑම ඔස්ට්‍රේලියානු ළමුන් 40 දෙනෙකුගෙන් එක් අයෙක් ඔටිසම් රෝගයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයක දී හඳුනා ගෙන තිබෙනවා.

අප්‍රේල් 2 වනදා ජාත්‍යන්තර ඔටිසම් දිනයට සමගාමීව රට පුරා නොයෙත් දැනුවත් කිරීම් වැටසටහන් සංවිධානය කර ඇති අතර දෙමාපියන්ට තම දරුවන්ගේ චර්යා රටාවන් නිසි ආකාරව අවබෝධ කර දීම මෙහි අරමුණයි.

ළමුන්ට පමණක් නොව වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් අතරද ඔටිසම් රෝගීන් සිටින බව සඳහන්.

ඇස්පෙක්ට් (Aspect) ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක දි හෙළිව ඇත්තේ මුලික අවධියේ ම ඔටිසම් රෝගී තත්වය හඳුනා ගැනීමෙන් කඩිනමින් විසඳුම් ලබා ගැනීමට හැකි වන බවයි.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ඔටිසම් රෝගීන්ගේ අනාගතය ඵලදායි කිරීම සදහා ඔටිසම් ස්ට්‍රැටජී (Autism strategy) එනම් ඔටිසම් උපාය මාර්ගික සැළැස්ම ඉදිරිපත් කර තිබුණා.

ඔස්ට්‍රේලියාව තුළ මෙවැනි කෙටුම්පතක් නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙවැනි ජාතික ප්‍රවේශයක් හරහා ෆෙඩරල් රජය බලාපොරොත්තු වෙන්නෙ ඔටිසම් රෝගීන්ව රැක බලා ගැනීමේ ආකාරය තුළින් ඔවුන්ගේ සාර්ථකත්වය වැඩි දියුණු කිරීමයි.

ඔටිසම් උපදේශකයින් විශ්වාස කරන්නේ අදාළ උපායමාර්ග නිවැරදිව ක්‍රියාත්මක කළහොත් මිලියන ගණනකට ප්‍රතිලාභ ලැබිය හැකි බවයි.

නව උපායමාර්ගය වල ඔටිසම් රෝගීන්, ඔවුන්ගේ පවුල්, රෝගීන් රැකබලා ගන්නන් සහ පර්යේෂකයන් 2000කට වැඩි සංඛ්‍යාවක් සමඟ මාස ගණනාවක් පුරා සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »