
ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ නව ප්‍රධානියා ලෙස වයිස් අද්මිරාල් ඩේවිඩ් ජොන්ස්ටන් පත් කර තිබෙනවා.
2018 වසරේ සිට ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කරන ඇන්ගස් කැම්බල්ගේ ධුර කාලය අවසානයෙන් පසු ලබන ජූලි මාසයේදී ඩේවිඩ් ජොන්ස්ටන් තනතුරේ වැඩ භාර ගනු ඇති බවයි අගමැති ඇන්තනි ඇල්බනීස් අද නිවේදනය කළේ.
වයිස් අද්මිරාල් ජොන්ස්ටන් යනු සංකීර්ණ හා වේගයෙන් වෙනස් වන ගෝලීය උපායමාර්ගික පරිසරයක් තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය මෙහෙයවීමට අත්දැකීම්, බුද්ධිය සහ අධිෂ්ඨානය ඇති බවට ඔප්පු කළ නායකයෙක් බව අගමැතිවරයා ප්‍රකාශ කළා.

1978 වසරේදී නාවික ඇකඩමියට කනිෂ්ඨ ශිෂ්‍යභටයෙකු ලෙස සම්බන්ධ වූ ඩේවිඩ් ජොන්ස්ටන්ගේ සේවා ජීවිතය තුළ ඉන්දු පැසිෆික් කලාපයේ ජාතික ආරක්ෂාවට මුහුණ දෙන අභියෝගවලට ද මුහුණ දී ඇති බවයි ඇන්තනී ඇල්බනිස් සඳහන් කළේ.
ඔහුගේ සේවා ජීවිතය තුල මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මුහුණ දුන් අභියෝගවල විශාල වෙනසක් සිදු වූ කාල පරිච්ඡේදයක් බව ද අගමැතිවරයා පෙන්වා දෙනවා.

නාවික හමුදා නිලධාරියෙකු ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක බලකායේ ප්‍රධානියෙකු ලෙසට පත්වන්නේ වසර 22කට පසු වීම විශේෂත්වයක්.
ආරක්ෂක බලකායේ නව උප ප්‍රධානියා ලෙස එයාර් මාර්ෂල් රොබට් චිප්මන් තෝරාගෙන තිබෙනවා.