Search

වසර 32ක් පුරා දුටු සිහිනය මෙල්බන්හිදී එක් රැයකින් සැබෑ වෙයි

වයස අවුරුදු 18 සිට ජැක්පොට් ලොතරැයි දිණුම් සඳහා තරග කළ පුද්ගලයෙකු වයස අවුරුදු 50දී මිලියනපතියෙකු වූ පුවතක් මෙල්බන් නුවරින් වාර්තා වනවා.

මෙම පුද්ගලයා වසර 32ක් පුරා ලොතරැයි පත් මිලදී ගත්ත ද කිසිදු දිනුමක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිව නොතිබූ බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙවර දිනුම් ඇදීමකින් ඔහුට ඩොලර් මිලියන 2.4ක මුදලක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ජැක්පොට් මුදල ජයග්‍රහණය කිරීමත් සමග රැකියාවෙන් විශ්‍රාම ගන්නා බවට ඔහු සේවය කළ සමාගමට ද දැනුම් දී ඇතැයි සඳහන්.

තවද තම ජයග්‍රාහී මුදල නිවසෙහි අලුත්වැඩියා කටයුතුවලට මෙන්ම නිවාඩුවක් ගත කිරීම සඳහාත් යොදවන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වසර 32ක් පුරා ලොතරැයි ජයග්‍රහණයක් සඳහා අපේක්ෂාවෙන් සිටි අතර තම නිවස අසල වූ අලෙවි සැළකින් ලබාගත් ලොතරැයි පත මෙලෙස තමන්ව ජයග්‍රාහකයෙක් කිරීම ගැන සතුටට පත්වන බවයි ඔහු කියාසිටියේ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »