Search

ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ ළඟදීම ඔස්ට්‍රේලියාවට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පළමු වරට ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ අත්හදා බලා තිබෙනවා.

2030 වසර වන විට රියදුරන් නොමැති මෝටර් රථ තාක්ෂණය ප්‍රචලිත වනු ඇතැයි පවතින අපේක්ෂාව හේතුවෙනුයි ක්වීන්ස්ලන්තයේ මෙලෙස ස්වයංක්‍රීය මෝටර් රථ අත්හදා බලා ඇත්තේ.

ZOE 2 ලෙස නම් කර ඇති ව්‍යාපෘතියක් යටතේ මෙම මෝටර් රථ මවුන්ට් ඊසාහි මාර්ගවල ධාවනය කර පරීක්ෂා කරනු ලබන අතර එහි මාර්ග සීමා සලකුණු කෙරෙන රේඛා, මාර්ග සංඥා ඇතුලු පහසුකම්වලට අනුකූල වන්නේ ද යන්න පිළිබඳව නිලධාරීන්ට දැනුම් දෙනු ඇති.

ඔස්ට්‍රේලියාව පසුගිය වසර හතරක කාලයක සිට ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ සඳහා සූදානම්ව සිටින බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ප්‍රවාහන සහ ප්‍රධාන මාර්ග ව්‍යාපෘති ප්‍රධානි අමිත් ත්‍රිවේදි ප්‍රකාශ කළා.

නව තාක්‍ෂණය ඔස්ට්‍රේලියාවේ මාර්ගවලට පැමිණෙන අතර රජයක් ලෙස අවශ්‍ය වන්නේ ඒ සඳහා ජනතාව සූදානම් කර එහි ප්‍රතිලාභ නෙළා ගැනීමට බවයි ඔහු කියාසිටියේ.

මෝටර් රථ ධාවනයේ දී මිනිසුන්ගේ ප්‍රතික්‍රියා කාලය තත්පර 1.3 ත් 1.4 ත් අතර වන අතර ස්වයංක්‍රීය වාහනයක ප්‍රතික්‍රියා කාලය ඊට වඩා හතර ගුණයකින් පමණ හොඳ බව ද ත්‍රිවේදි පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ අලෙවි වන නව වාහනවලින් සියයට 2 සිට 10 දක්වා ප්‍රමාණයක් 2030 වසර වන විට ඉහළ ස්වයංක්‍රීය විශේෂාංගවලින් සමන්විත වනු ඇතැයි ඔහු අනාවැකි පළ කරනවා.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »