Search

පියාට සහාය දුන් දකුණු ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුවෙකු වසර 10කට සිරගෙට

පුද්ගල ඝාතනයකට සම්බන්ධ පුද්ගලයකුට සහාය දීම හේතුවෙන් පාසැල් සිසුවෙකුට වසර 10ක සිර දඬුවමක් නියම කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ සිසුවා දකුණු ඔස්ට්‍රේලියානු පෞද්ගලික පාසලක කීර්තිමත් ශිෂ්‍යයකු ලෙස වඩාත් ප්‍රසිද්ධ අයෙක් වන අතර මිනිමැරුම් සිද්ධියකට තම පියාට සහාය වීම මතයි මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ.

සැකකාර පියා තමාට අදාළ දේපලක අනවසරයෙන් රැදී සිටි පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර ඒ සඳහා තම පියාට සහාය වු බවට වරද පිළිගැනීමෙන් පසු සිසුවාට දඬුවම් නියම කර තිබෙනවා.

2023 වසරේ පෙබරවාරි 19 වනදා අදාළ ඝාතනය සිදු කර ඇති අතර CCTV දර්ශණවල සමස්ථ සිදුවීම සටහන්ව ඇති බවයි දකුණු ඔස්ට්‍රේලියා පොලිසිය පවසන්නේ.

එම වරද සදහා උපරිම වසර 10ක සිර දඩුවමක් නියම වූ අතර සැකකරුවන් පිළිබද මනෝවිද්‍යාත්මක වාර්තාවක් අධිකරණය වෙත ලබා දෙන්නැයි විනිසුරු වරයා නියෝග කර තිබෙනවා.

මෙලෙස කිර්තිමත් පාසැල් සිසුවෙකු පියාගේ ක්‍රියාවන්ට සහය වීම ගැන ඔහුගේ පාසලද කණගාටුව ප්‍රකාශ කර ඇති අතර ජුලි පස් වනදා යළි නඩුව විභාග කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »