Search

සංක්‍රමණිකයින් ගැන අලුත් චෝදනාවක්

ඔස්ට්‍රේලියාවට අනවසර සංක්‍රමණිකයින් පැමිණීමත් සමග දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් ෆෙඩරල් රජයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විපක්ෂය චෝදනා කරනවා.

සරණාගතයින් සිය ගණනක් මුහුදේදී මිය යා හැකි අතර ඔස්ට්‍රේලියාවේ දේශසීමා ප්‍රතිපත්තිය තවදුරටත් පුලුල් කළ යුතු බවයි විපක්ෂය පෙන්වා දී ඇත්තේ.

පසුගිය සති අන්තයේ චීන ජාතිකයින් පිරිසක් බෝට්ටු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා දේශසීමාවට පැමිණ ඇති අතර පසුගිය නොවැම්බර් මාසයේ සිට චීන ජාතිකයින් අවස්ථා තුනක දී ඉතාමත් අනාරක්ෂිත ලෙස මෙරට දේශ සීමාවට ඇතුල් වී තිබූ බව සඳහන්.

විපක්ෂය චෝදනා කරන්නේ ඉදිරි කාලසීමාව තුළ මෙලෙස බෝට්ටු මගින් මෙරට දේශසීමාවට අනවසර සංක්‍රමණිකයින් ළඟා වීම පුලුල් වන අතර ඒ සඳහා නිසි ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි.

පසුගිය වසරෙන් පසු මෙලෙස බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් කිසිදු නව සැළැස්මක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ඇතුලු ආණ්ඩු පක්ෂයට හැකියාව නොලැබුණ බවයි විපක්ෂය පෙන්වා දෙන්නේ.

විපක්ෂයේ ස්වදේශ කටයුතු ප්‍රකාශක ජේම්ස් පැටර්සන් පැවසුවේ ලේබර් පක්ෂය විසින් තාවකාලික ආරක්ෂණ වීසා බලපත්‍ර අහෝසි කිරීම තුළින් සංක්‍රමණිකයින්ට බෝට්ටුවලට නැග මෙරටට පැමිණීමට දිරිගැන්වීමක් ලබා දුන් බවයි.

වත්මන් රජය විසින් එම වීසා බලපත්‍රය අහෝසි කිරීම මගින් සංක්‍රමණිකයින් මිනිස් ජාවාරම්කරුවන්ට හසුවීමේ ප්‍රවණතාවක් පවතින අතර අවම වශයෙන් ජීවිත 1200ක් මුහුදේ දී අහිමි වනු ඇතැයි විපක්ෂය පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »