Search

ඔස්ට්‍රේලියාවට පැමිණි සිසුන් සහ සංක්‍රමණිකයන් ගැන අලුත්ම සංඛ්‍යා ලේඛන නිකුත් වෙයි

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදැරීම සඳහා පැමිණ මේ වන විට රට තුළ සිටින ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 713,144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් වූ වාර්තා අනුවයි මෙම සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර ඇත්තේ.

එසේම මේ විට රට තුළ තාවකාලික පදනම මත සිටින සංක්‍රමණිකයින් සංඛ්‍යාව මිලියන 2.8ක් බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව විදේශ සංක්‍රමණිකයින් අතුරින් වැඩිම පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටින අතර වික්ටෝරියා ප්‍රාන්තය දෙවන ස්ථානයට ද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුන්වන තැනට ද පත්ව තිබෙනවා.

ඇස්තමේන්තුගත වාර්තා අනුව විදේශ සංක්‍රමණිකයින් 2032 වසර වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියයට 35කින් ද, වික්ටෝරියා ප්‍රාන්තයේ සියයට 32කින් සහ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියයට 13කින් ඉහළ යනු ඇති බවයි පැවසෙන්නේ.

අඩුම විදේශීය සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් වෙසෙන ප්‍රදේශය ලෙස කැන්බරා අගනගර කලාපය නම් කර තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශ වාර්තා අනුව පෙනී ගොස් ඇත්තේ සෑම වසරකම විදේශ සංක්‍රමනිකයින් 175,000ත් 275,000ත් අතර පිරිසක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බවයි.

මීට අමතරව, ඔස්ට්‍රේලියාවේ අනාගත ජනගහණයට විදේශ සංක්‍රමණවල බලපෑම විශ්ලේෂණය කිරීම සඳහා ශුද්ධ විදේශීය සංක්‍රමණ පිළිබඳ ලැයිස්තුවක් ද ඉදිරියේ දී එළි දැක්වීමට ජන හා සංඛ්‍යාලේකන කාර්යංශය සැලසුම් කර තිබෙනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »