කොරෝනා වසංගතය අතරතුර අරමුදල් රැස්කිරීමෙන් හදවත් දිනාගත් බ්‍රිතාන්‍ය යුද හමුදා වීරවරයෙකු වූ කපිතාන් ශ්‍රීමත් Tom Moore වයස අවුරුදු 100 දී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.
දෙවන ලෝක යුධ සමයේ වීරත්වයෙන් කටයුතු කල ඔහු ජනවාරි 31 වන දින හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලෙමින් සිටි අවස්ථාවේ රෝහල් ගත කරනු ලැබීය.
ඔහුට නියුමෝනියාව ඇති බව හඳුනාගත් අතර පසුව COVID-19 සඳහා පරීක්ෂණයක් සිදු කරන ලදී. එහිදී ඔහුට කොරෝනා වැළඳී ඇති බවට හඳුනා ගන්නා ලදී.