අති උතුම් ජය ශ්‍රී මහා බෝධියේ අංකුර ශාඛාවක් වික්ටෝරියාවේ බෝධි ධම්ම විහාරයට

අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරයේ බෝධි ධම්ම විහාර පරිශ්‍රයේ රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් සංවිධාන කර තිබෙනවා.

මහා බෝධි වංශයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකා රජයෙන් ඔස්ට්‍රේලියා රජය වෙත ඉතිහාසයේ පළමු වරටයි මෙවැනි පරිත්‍යාගයක් සිදු කරනු ලබන්නේ.

ලබන ජුනි මස 9 වනදා දහවල් 12.30ට යෙදෙන සුබ මොහොතින් ආගමික වතාවත් සහ පුද සත්කාර සමගින් ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීමට නියමිතයි.

ඒ අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්.

මේවන විට ඔස්ට්‍රේලියාවට වැඩම කරවා ඇති ජය ශ්‍රී මහා බෝධි අංකුර ශාඛාව ඔස්ට්‍රේලියානු රජයේ ජෛව ආරක්ෂණ අධිකාරියේ උද්භිත විද්‍යාඥ කණ්ඩායමක රැකවරණය යටතේ සුරක්ෂිතව වැඩ සිටිනවා.

මෙම බෝධි රෝපණ මංගල්‍යය ඔස්ට්‍රේලියා රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව සිදු කෙරෙන මහා පුණ්‍යකර්මයක් වනවා.

මෙම උතුම් පුණ්‍යකර්මයට බැතිබර මාධ්‍ය දායකත්වය සපයනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයයි.

ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම ශ්‍රී ලංකික ජනතාවට මෙම මහඟු අවස්ථාවට සහභාගී වන ලෙසට අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඉල්ලා සිටිනවා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »