මිලියනයකට වැඩි පිරිසකට දුරකථන සන්නිවේදන ගැටලුවක්

3G සේවාව අවසන් කිරීම සමඟ මිලියනයට අධික පිරිසකට හදිසි ඇමතුම් අංකය වන ට්‍රිපල් සීරෝ වෙත ඇමතුම් ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමක් පිළිබඳ කනස්සල්ලක් මතුවී තිබෙනවා.

4G සහ 5G තාක්ෂණයන් සඳහා අවස්ථාව සැලසීම සඳහායි ඔස්ට්‍රේලියාවේ 3G ජාලය වසර 20කට පමණ පසු මෙලෙස ක්‍රියා විරහිත කරනු ලබන්නේ.

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම විසින් ලබන ජුනි මාසයේදී එහි 3G ජාලය අක්‍රිය කිරීමට නියමිත අතර ඔප්ටස් (Optus) සැප්තැම්බර් මාසයේදී 3G සේවා ක්‍රියා විරහිත කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 3G මත පමණක් රඳා පවතින උපාංග තවදුරටත් ක්‍රියා නොකරන බව සඳහන්.

මේ හේතුවෙන් මාස කිහිපයක් ඇතුළත මිලියනයකට වඩා ජංගම දුරකථන පාරිභෝගිකයන්ට ට්‍රිපල් සීරෝ ඇමතීමට නොහැකි වන බවටයි පැවසෙන්නේ.

නියමිත කාලය ඉක්මනින් ළඟා වෙමින් තිබුණ ද Telstra පාරිභෝගිකයින් 113,000ක් පමණ තවමත් ඔවුන්ගේ 3G ජංගම දුරකථන යාවත්කාලීන කර නොමැති බව හෙළිවී තිබෙනවා.

පැරණි හෝ විදේශ රටවලින් ආනයනය කර භාවිත කරන උපාංග සඳහා මෙම ගැටලුව මතුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »