ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවතට

දකුණු ගාසා තීරයෙන් එක් සේනාංකයක් හැර අනෙකුත් සියලුම හමුදා ඉවත් කර ගත් බව ඊශ්‍රායලය පවසනවා.

ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ මෙතෙක් පැවති ගැටුම් සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ජාත්‍යන්තර පීඩනය වැඩි වීම මධ්‍යයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

සොල්දාදුවන් ඉවත් කර ගැනීමට හේතුවක් හෝ ඊට සම්බන්ධ මුළු හමුදා සෙබළ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු අනාවරණ වී නැහැ.

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයට ලක් වූ දකුණු ගාසා නගරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටියේ ඊශ්‍රායල හමුදා නගර මධ්‍යයෙන් ඉවත්ව නැගෙනහිර දිස්ත්‍රික්ක වෙත පසු බසිනු දුටු බවයි.

හමාස් සටන්කාමීන් තුරන් කිරීමට අවශ්‍ය බව ඊශ්‍රායල නායකයින් පවසා ඇති අතර දකුණු ගාසා නගරය වන රෆා වෙත ආක්‍රමණය ප්‍රමාද කරන්නේ ද යන්න මෙතෙක් පැහැදිළි නොමැති බවයි පැවසෙන්නේ.

ඊජිප්තු දේශසීමා ආසන්නයේ මිලියනයකට අධික පලස්තීනුවන් නවාතැන් ගෙන ඇති රෆා නගරයට පහර දීමේ සැලැස්ම ජාත්‍යන්තර අවධානයට ද ලක්ව තිබෙනවා.

සටන් විරාමයකට එළඹීම සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ ගනුදෙනුව ඉලක්ක කරගත් නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ඊජිප්තුව සූදානම් වීමත් සමඟයි ඊශ්‍රායල හමුදාවල මෙම ඉවත්වීම සිදුවී ඇත්තේ.

එය සිදුවන්නේ ද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ඊශ්‍රායලයේ ආරම්භ වූ දැවැන්ත මහජන විරෝධතා මධ්‍යයේයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »